ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට දිනයේ දී (21) දුම්රිය සුපුරුදු පරිදි ධාවන කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ජේ.එන්. ඉඳිපොලගේ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ අද (20) රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමේ දී ය.
ඒ අනුව, හෙට දිනයේ දී සුපුරුදු ලෙස සෙනසුරාදා දිනවල ධාවනය කෙරෙන දුම්රියන් සියලුම දුම්රිය මාර්ග වල ඒ ආකාරයෙන්ම ධාවනය වීමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.