සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව විදේශ වාණිජ ණය හිමියන් සමඟ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවන්ට එළැඹේ

    සැප්තැම්බර් 19, 2024

    2023 වසර අවසන් වන විට පැවති මෙරට ඇමරිකානු ඩොලර් බිලියන 17.5 ක පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අද (19) ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹිණි.

    ජාත්‍යන්තර ආයෝජකයින් නියෝජනය කරන බැඳුම්කර හිමියන්ගේ තාවකාලික කණ්ඩායම (Ad Hoc Group of Bondholders - AHGB) සහ දේශීය මූල්‍ය ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකාවේ දේශීය සමූහය (Local Consortium of Sri Lanka - LCSL) සමඟ සිදු කළ සාකච්ඡා හරහා මෙම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ එකඟතාව ඇති කරගෙන තිබේ. මෙරට ස්වෛරීත්ව බැඳුම්කරවලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම කණ්ඩායම් දෙක සතු වේ.

    මෙම එකඟතා යටතේ, 11% ක වට්ටම් අනුපාතයක් මත පදනම්ව 40.3% ක වර්තමාන අගයක (Net Present Value) සඳහා සහනයක් ලබාදීමට බැඳුම්කර හිමියන් එකඟ වී ඇත.

    මෙම එකඟතා මගින් 2024 ජූලි මස ස්ථාපිත කරන ලද ඒකාබද්ධ ක්‍රියාකාරී රාමුවට වඩා ශ්‍රී ලංකාවට විශාල ණය සහනයක් හිමි වන අතර, නව කොන්දේසි වල දක්වා ඇති පරිදි පොලී ගෙවීම්වල ද අමතර අඩු කිරීමක් සිදු වේ.

    ශ්‍රී ලංකාව දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.3 ක පමණ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ප්‍රධාන මූල්‍ය කොන්දේසි පිළිබඳව චීන සංවර්ධන බැංකුව (CDB) සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට ද එළැඹී තිබේ.

    චීනයේ එක්සිම් බැංකුව, ශ්‍රී ලංකාවේ නිල ණයහිමියන්ගේ කමිටුව (OCC), චීන සංවර්ධන බැංකුව (CDB) සහ බැඳුම්කර හිමියන් සමඟ ඇති කර ගත් ගිවිසුම්වල ප්‍රතිඵලයක් ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන් කාල සීමාව තුළදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 17 කට අධික ණය සේවා සහනයක් හිමිව ඇත. මීට චීනයේ එක්සිම් බැංකුව වෙතින් ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4ක්, නිල ණය හිමියන්ගේ කමිටුව වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක්, චීන සංවර්ධන බැංකුව (CDB) වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් සහ බැඳුම්කර හිමියන්ගෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 9.5ක් ඇතුළත් වේ.

    මෙම ක්‍රියාවලිය පුරාවට ශ්‍රී ලංකාවේ සියලුම ණය හිමියන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නිල ණය හිමියන්ගේ කමිටුවේ ලේකම් කාර්යාලය (OCC Secretariat) විසින් ලබාදුන් අඛණ්ඩ සහ ඵලදායී සහයෝගය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තූතිය සහ ප්‍රශංසාව පළ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya