සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වේ

    අගෝස්තු 07, 2024

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාළිකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (07) වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

    ජාතික සංවර්ධන ක්‍රිකට් වැඩපිළිවෙළ යටතේ පන්දුවාර විස්සයි -20 තරඟාවලියක් ලෙස පවත්වනු ලබන මෙම තරඟාවලිය සඳහා කොළඹ, මහනුවර, දඹුල්ල, සහ ගාල්ල යන කණ්ඩායම් 4 ක් සහභාගි වෙති.

    අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩිකාවන්ට අමතරව තරගාවලිය ඉලක්ක කර ගනිමින් පවත්වන ලද ගවේෂණාත්මක තරඟවලදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා වරම් ලබා සිටිති.

    අද (07) ආරම්භ වන මෙම තරඟාවලියේ අවසන් මහ තරඟය අගෝස්තු මස 15 වැනිදා මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මූලික තරග වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 6කට ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉන් වැඩිම ජයග්‍රහණ ලබන කණ්ඩායම් දෙක අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

    මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් නිර්මාණයකර ගැනීමේ මූලික අරමුණ ඇතිව මෙම තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya