සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ වැඩ බලන ප්‍රංශ තානාපතිනී සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

    සැප්තැම්බර් 20, 2024

    ප්‍රංශයේ සමුද්‍රීය අධ්‍යයනය සඳහා වූ කලාපීය මධ්‍යස්ථානයේ නව අධ්‍යයන අධ්‍යක්‍ෂ (French Director of studies of the Regional Center for Maritime Studies) ලුතිනන් කොමාණ්ඩර් Carine BUZAUD හඳුන්වාදීමේ නිළ හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ වැඩ බලන ප්‍රංශ තානාපතිනී ගරු Marie-Noëlle Duris මහත්මිය ඊයේ (19) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.    

    ඒ අනුව, නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකාවේ වැඩ බලන ප්‍රංශ තානාපතිනී ගරු Marie-Noëlle Duris මහත්මිය සහ ප්‍රංශයේ සමුද්‍රීය අධ්‍යයනය සඳහා වූ කලාපීය මධ්‍යස්ථානයේ නව අධ්‍යයන අධ්‍යක්‍ෂ ලුතිනන් කොමාණ්ඩර් Carine BUZAUD, නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සුහද පිළිසඳරක් පැවැත්විණි.      

    මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, නාවික හමුදාධිපතිගේ නාවික සහායක රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ සමුද්‍රීය ආරක්‍ෂක උපදේශක කොමාණ්ඩර් Jean-Baptise TROUCHE ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya