සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ස්ථාපිත කිරීමට නියමිත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරන යන්ත්‍රයට නාවික හමුදාවෙන් මූල්‍ය දායකත්වයක් 

    සැප්තැම්බර් 20, 2024

    නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යපෘතිය යටතේ, කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකයේ ස්ථාපිත කිරීමට නියමිත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරන යන්ත්‍රය සඳහා වූ මූල්‍යමය දායකත්වයට අදාළ චෙක්පත, සන්කෙන් ඕවසීස් පුද්ගලික සමාගම විසින් ඊයේ (19) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත ලබාදීම නාවික හමුදා මූලස්ථානයේ දී සිදුකෙරිණි. 

    කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකය වෙත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරන යන්ත්‍රයක් ස්ථාපිත කර දෙන ලෙස එම රෝහලෙහි අධ්‍යක්‍ෂ විසින් නාවික හමුදාව වෙතින් ඉල්ලීමක් සිදු කෙරිණි. 

    ඒ අනුව, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් සන්කෙන් ඕවසීස් පුද්ගලික සමාගම දැනුවත් කිරීමෙන් අනතුරුව, වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරන යන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා වන මූලද්‍ය දායකත්වයට අදාල චෙක්පත එම සමාගම වෙතින් නිල වශයෙන් නාවික හමුදාධිපති වෙත ලබාදීම, ඊයේමෙලෙස නාවික හමුදා මූලස්ථානයේ දී සිදුකෙරිණි.

    තවද, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකාරක (නාවික සමාජීය මෙහෙවර) කොමාණ්ඩර් බුද්ධික රන්දිමාල්, සන්කෙන් ඕවසීස් පුද්ගලික සමාගමෙහි කළමණාකාර අධ්‍යක්‍ෂක මෙවන් ගුණතිලක මහතා සහ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya