මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීමෙන්, ‘නෙඩුන්තාරකයි‘ මගී ප්‍රවාහන යාත්‍රාවේ අලුත්වැඩියා සහ නවීකරණ කටයුතු ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ යාත්‍රා අලුත්වැඩියා අංගනයේදී සිදුකෙරිණි.
ඒ අනුව, එම අලුත්වැඩියා සහ නවීකරණ කටයුතු කඩිනමින් සම්පූර්ණ කිරීමෙන් පසු, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත භාරදීම, ඊයේ දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ ගේ හා උතුරු පළාත් ආණ්ඩුකාර ගරු පීඑස්එම් චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙලෙස ඩෙල්ෆ්ට් දූපතේ ජැටියේදී සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සමුද්‍රීය ඉංජිනේරු අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් චින්තක රාජපක්ෂ ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්, උතුරු පළාත් සභාවේ හා ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටියහ.