සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමෙරිකාවේ Noah Lyles ලොව වේගවත්ම මිනිසා වෙයි

    අගෝස්තු 05, 2024

    2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ඊයේ (04) පැවති පිරිමි මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කරමින් ලොව වේගවත්ම මිනිසා ලෙස කිරුළු පැළඳීමට ඇමෙරිකානු ක්‍රීඩක Noah Lyles සමත් වූවේය.

    මෙම තරඟයේදී Noah Lyles (9.784) සහ Kishane Thompson (9.789) යන ක්‍රීඩකයන් දෙදෙනා ම තත්පර 9.79කින් එම ඉස්ව්ව නිමා කිරීමට සමත් වූ නමුත්, මෙහි දී Lyles තත්පර 0.005කින් Thompsonට වඩා ඉදිරියෙන් රැඳුණු හෙයින් පිරිමි මීටර් 100 ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීමට ඔහුට හැකි විය.

    ඒ අනුව එම ඉසව්වේ රිදී පදක්කම ජැමෙයිකා ක්‍රීඩක Kishane Thompson හිමි කරගත් අතර ඇමෙරිකානු ක්‍රීඩකයෙකු වූ Fred Kerly ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට සමත් විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya