සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාව පරදවමින් ශ්‍රී ලංකාවට ලකුණු 32ක ජයක්

    අගෝස්තු 05, 2024

    සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ(04) පැවති දෙවන තරඟය ලකුණු 32 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 240 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 40 ක්, දුනිත් වෙල්ලාලගේ ලකුණු 39 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 40 ක් ලබාගත්හ.

    පන්දු යැවීමේදී Washington Sundar කඩුලු 3 ක් හා Kuldeep Yadav කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් විය.

    තරඟයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 42 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 208 ක් පමණි.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ Jeffrey Vandersay ලකුණු 33කට කඩුලු 6 ක් බිඳ හෙළීමට සමත් වූ අතර නායක චරිත් අසලංක ද කඩුලු 03 ක් බිඳ හෙළීමට සමත්විය. ඒ අනුව තරඟයේ වීරය බවට Jeffrey Vandersay පත්විණි.

    තරඟ 3කින් යුත් එක්දින තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya