නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    19 වන ව්‍යවස්ථා සංශෝධනයත් සමග ම 20 වන ව්‍යවස්ථා සංශෝධනයත් සම්මත කළ යුතු බවත් මේ අද සිටින ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට බලපාන දෙයක් නොවන අතර අනාගතය සදහා බලපාන නිසා මේ අවස්ථාවට පයින් නොගසා සියලු ම පක්ෂ සහය ලබා දිය යුතු බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ප්‍රජාතන්ත්‍රවාදයට ව්‍යවස්ථාව ගෙන යන පළමු පියවරක් ලෙස දකින බවත් මේ සාධනීය පියවරට උපරිම සහය ලබා දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (27) පාර්ලිමේන්තුවේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදයට සහභාගි වෙමින් පැවසීය.

    19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර යහ පාලනය ස්ථාපිත කරන්නට අවස්ථාව ලැබෙන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා අද (27) පාර්ලිමේන්තුවේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදයට සහභාගි වෙමින් පැවසීය.

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කර ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහය ලබා දෙන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (27) පාර්ලිමේන්තුවේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදයට සහභාගි වෙමින් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya