උන් වහන්සේ මේ බව පැවසුවේ අද (27) පාර්ලිමේන්තුවේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදයට සහභාගීවෙමිනි.
සමාජ, ආර්ථික වෙනසක් ඇති කරන්න, ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් ඇති කරන්න මේ ව්‍යවස්ථා සංශෝධනය බලපානවා. උතුරේ යුද්ධයක් හා 88, 89 කාලයේ දකුණේ කැරැල්ලක් ඇති කරන්න විධායක ජනාධිපති ක්‍රමය බලපෑවා. එය වෙනස් කරන්න අප කටයුතු කළ යුතුයි. රාජ්‍ය සේවා කොමිසම් සභාව, පොලිසිය වැනි ස්වාධීන කොමිසම් සභා පත් කිරීම නිසා අන්තවාදී ලෙස කිසිවෙකුටත් කටයුතු කළ නොහැකියි.
පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත අනුව ස්වාධීන කොමිෂන් සභාවල නියෝජිතයන් පත් කරනු ඇත. රටේ ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටීම සියලු දෙනාට ම බලපානවා. දැන් යහ පාලන ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් ඇති කරන්න සියලු ම පක්ෂ එකතු වී සිටිනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මෙන් ම මැතිවරණ ක්‍රමයත් වෙනස් කළ යුතු බව ද පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.