නොවැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර මැතිවරණ වාතාවරණය සාමකාමීයි.. කඩිනමින් ඔබේ ඡන්දය භාවිතා කරන්න - මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන්

    නොවැම්බර් 14, 2024

    මහනුවර දිස්ත්‍රික්කයේ සාමකාමී මැතිවරණ වාතාවරණයක් පවතින බවද ඡන්ද අයිතිය තහවුරු කරමින් සිය ඡන්දය කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    අද (14) උදෑසන මාධ්‍යයට අදහස් දක්වමින් මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා මේ බව පැවසුවේය.

    අද උදෑසන 07 වන විට ඡන්දය භාවිතා කිරීමට සියලු මධ්‍යස්ථාන විවෘත කළ බවද සවස 04 වන විට සියලු කටයුතු අවසන් කිරීමට නියෝග කර ඇතැයිද පස්වරු 04.15 – 04.30 පමණ වන විට පළමු ඡන්ද පෙට්ටිය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

    මෙවර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානපොල්ගොල්ලේ පවතින බව පැවසූ මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා අනෙකුත් ඡන්ද පෙට්ටි ලැබුණු වහාම ඡන්ද ගණන් කිරීම ඇරඹීමට බලාපොරොත්තු වන බවද පැවසුවේය.

    මුල්ම ගණන් කිරීම පස්වරු 05.30 පමණ වන විට ඇරඹීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවද කිසිදු බියකින් සැකයකින් තොරව උදූසනම පැමිණ ඡන්දය ලබාදෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    සියලු ආරක්ෂක කටයුතු සංවිධානය කර ඇතැයිද කඩිනමින් පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කරන ලෙසද මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya