අද (27) පාර්ලිමේන්තුවේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදයට සහභාගි වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම,විධායක බලතල ඉවත් කිරීම තුළින් රට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉදිරියට යනවා. ස්වාධීන කොමිසන් ඇති කිරීම හොඳයි. ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුවට කොමිසන් නිවැරදි පැත්තට ගෙන යාමේ බලය තිබිය යුතුයි.
ජනතා ඉල්ලීමක් සම්මත කරන ඓතිහාසික දිනයක්. විධායක ජනපති ක්‍රමයෙන් ඒකාධිපතියෙකු බිහිවෙන්න පුළුවන්,ජාත්‍යන්තරය තුළ අපකීර්තියට පත්වෙන්නට පුළුවන් .
මේ විධායක බලතල ඉවත් කළ යුතු බවට එදා සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියා සිටියා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා,ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ඒ අවස්ථාව උදා වෙලා. අගමැතිතුමා ඒ සඳහා කැප වී කටයුතු කළා. අමාත්‍යවරු, සියලු මන්ත්‍රිවරු කටයුතු කළා. තනි දේශපාලන පක්ෂයකට පමණක් මෙය කරන්න බෑ යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.