නොවැම්බර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දවසේ කාලගුණය

    නොවැම්බර් 16, 2024

    අද (16) දින‍ෙයේ සවස් කාලයේ දී දිවයිනේ බොහෝ  ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා  ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    දිවයිනේ බොහෝ  ප්‍රදේශවල ප.ව.2:00න් පමණ පසුව වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ත් ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේ දී ත් වැසි ඇතිවිය හැකිය.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75ක පමණ තරමක තද වැසි ඇති වෙයි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya