දෙසැම්බර් 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2024 පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම් කටයුතු සාමකාමීයි - මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

    නොවැම්බර් 14, 2024

    2024 මහ මැතිවරණ ඡන්ද විමසීම මේ වනවිට ඉතාම සාමකාමීව පැවැත්වෙන බවත්, කිසිඳු ගටලුකාරී සිදුවීමක් වාර්තා වී නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.රත්නායක මහතා පවසයි.

    සභාපතිවරයා මේ බව පැවසුවේ, අද (14) පැවැත්වෙන මහ මැතිවරණය සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

    විශේෂයෙන් සවස්වරුවේ අයහපත් කාලගුණික තත්ත්වයක් ඇතිවුවහොත් වුවහොත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට යොදා අවසන් බවත්, හැකිතාක් ඉක්මණින් ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙසද සභාපතිවරයා මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

    තවද ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ඡන්ද මධ්‍යස්ථාන අසල රැඳී සිටීමෙන් වළකින ලෙසත් නිවෙස් තුළට වී දෛනික කටයුතුවල නිරත වන ලෙසත්, කණ්ඩායම් ලෙස එක්රැස් වීම්, පෙළපාලි යාම වැනි දේ සියල්ල අයුතු ජනරාශි ගණයට අයත් වන හෙයින් එවැනි අවස්ථා වල දී ආරක්ෂක අංශ මඟින් නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත්, එවැනි වරදවල් සිදු නොකරන ලෙසත් රත්නායක මහතා ජනතාවට දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya