දෙසැම්බර් 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔබේ වටිනා ඡන්දය කල්වේලා ඇතිව පාවිච්චි කරන්න - මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

    නොවැම්බර් 14, 2024

    පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා වූ ඡන්ද විමසීම අද (14) පෙ.ව 7.00ට ආරම්භ වූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.රත්නායක මහතා පවසයි.

    අද (14) පැවැත්වෙන මහ මැතිවරණය සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්  සභාපතිවරයා මේ බව පැවසුවේය.

    රටේ ව්‍යවස්ථාදායකයට නියෝජිතයන් 225ක් පත්කිරිම සඳහා වන ඉතාම වැදගත් මැතිවරණයක් වන මහ මැතිවරණය රටටම වැදගත් බව කී සභාපතිවරයා , කල්වේලා ඇතිව ඡන්ද පොළට ගොස් ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන ලෙසද පැවසීය.

    දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද වීමසීම සිදු කෙරෙන අතර , ඔබට නිල ඡන්ද පත්‍රිකාවක් ලැබී ඇත්නම් එය භාවිත කරන ලෙසත් , නිල ඡන්ද පත්‍රිකාව නොමැති වුවද  මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇති  ඡන්දය පාවිච්චි කිරීමට හැකි යැයි වලංගු හැදුනුම්පතක් රැගෙන ඡන්ද පොළට යන ලෙසත්  ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීමට එය ප්‍රමාණවත් බවත් හෙතෙම සඳහන් කළේය.

    එමෙන්ම සමාජ මාධ්‍යවල සහ වෙනත් මාධ්‍යවල ව්‍යාජ තොරතුරු , කටකතා සහ  අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ඉල්ලීමක් කළ සභාපතිවරයා ,  මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන නිල නිවේදන පිළිබඳව පමණක් විශ්වාසය තබන ලෙසද පැවසුවේය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya