පසුගිය දින තුන තුළ දී විදේශීය තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ජනපති ලේකම් කාර්යාලයේ දී ජනපතිතුමන් මුණගැසුණු අවස්ථාවේදී මේ බැව් දන්වා සිටියහ. ජර්මානු තානාපති ආචාර්ය Juergan Morhard ඉන්දියානු මහ කොමසාරිස් Y.K.Sinha, චීන තානාපති Yi Xianliong, නෝර්වේ තානාපතිනි Grete Lochen, ඇමෙරිකානු නියෝජ්‍ය තානාපති Andrew Mann, දකුණු අපි‍්‍රකානු මහ කොමසාරිස් Geoff Doidge සහ ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් Robyn Mudie යන මහත්වරු ජනපතිතුමාගේ ප‍්‍රතිපත්ති සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට රටේ දියුණුව සඳහා ඉදිරියටත් සහාය දක්වන බවට ප‍්‍රකාශ කර සිටි අතර නව රජය යටතේ කි‍්‍රයාත්මක වූ දින සියයේ වැඩසටහනේ දී ඉටු කළ විවිධ කාර්යයන් උදෙසා පැසසුම් පළ කර සිටියේය.
ජනපතිතුමන් එහිදී ඔවුන්ට පවසා සිටියේ ව්‍යවස්ථා සංශෝධනයට අදාළ අනුමැතිය පාර්ලිමෙන්තුවෙන් ලබාගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති බවය. එහිදී තවදුරටත් ඔහු පවසා සිටියේ අවසන් දින කිහිපය තුළ දී පාර්ලිමේන්තු සාමාජිකයන් සමඟ දීර්ඝ සාකච්ඡා පැවැත්වූ බවත් එහිදී ව්‍යවස්ථා අනුමැතියට අදාළ අනුමැතිය ලබාගැනීමට සහාය දැක්වීම පිළිබඳ තමන් සෑහීමකට පත්වන බවය.
ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහ මහතා නව ව්‍යාපෘති තුනක් සඳහා ඉන්දියාව විසින් ණය මුදල් ලබා දෙන බව ප‍්‍රකාශ කළ අතර එම ව්‍යාපෘති වාරිමාර්ග, කෘෂිකාර්මික හා දුම්රිය මාර්ග වන බවත් ණය මුදල් සීමාව තුළ අනෙකුත් ව්‍යාපෘති වලට ද සහාය දැක්වීමට අපේක්ෂා කරන බවත් පැවසීය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කැපවීමත් අඛණ්ඩව යහපාලනය පවත්වාගනිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම පිළිබඳ නිවැරදි සාක්ෂියක් වශයෙන් ජාතිය අමතා කරන ලද ප‍්‍රකාශය ඉතා වැදගත් බව නෝර්වේ තානාපතිනිය පැවසුවාය.
ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ස්ථාපිත කිරීමටත් ජනතාව වෙනුවෙන් දරන උත්සාහය ඇය විසින් අගය කළ අතර ජනාධිපතිතුමා කෙරෙහි තිබෙන ජනතාවගේ විශ්වාසය හා අපේක්ෂාව දිවයින පුරා සංචාරය කිරීමේදී ඇය දුටු බවත් වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.
එමෙන්ම ශ‍්‍රී ලංකාව සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමටත් එමෙන්ම ඉදිරියේදී පැමිණීමට නියමිත ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතාගේ චාරිකාව දෙරට අතර ද්විපාර්ශ්වීය සම්බන්ධතාව තවත් වැඩි කරගැනීමටත් ආධාර වන බවට ඇමෙරිකානු සහකාර තානාපතිවරයා සඳහන් කළේය.
DB