එදා විධායක ජනාධිපති ක්‍රමය නොගැලපෙන බව ප්‍රකාශ කළා. ඒකාධිපති බලතල ක්‍රියාත්මක වන බව ඉන් ඇති වන ප්‍රතිඵල අප පෙන්වා දුන්නා. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැරදියි කියලා එදා සිට අප කිව්වා. 78 ව්‍යවස්ථාව ගෙන ආ එක්සත් ජාතික එය පක්ෂය ම එය වෙනස් කරන්න ඕනෑ බව පිළිගෙන තියෙනවා. බහුතර ජනතාවට ඒකාධිපති ව්‍යවථාව වෙනස් කරන්න ඕනෑ වෙලා තිබුණා.
18 වන සංශෝධනයෙන් කළේ විධායක බලය තවත් ශක්තිමත් කර ගැනීමයි. එය අප පෙන්වා දුන්නා. විධායක බලය ඉවත් කරන බවට පොරොන්දු ලබා දුන්නත් එය ඉටුකළේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විධායක ජනාධිපති බලතල ඉවත් කරන බවට පොරොන්දු වුණා. ජනාධිපතිතුමා එම බලතල අඩු කිරීම සම්බන්ධයෙන් අප අගය කරනවා. මේ සාධනීය පියවරට අප උපරිම සහය දෙන බවත් හේරත් මහතා පැවසීය.