මේ සංශෝධනයෙන් ජනාධිපති බලතල අඩුවීම ගැන සතුටු වෙනවා. පාර්ලිමේන්තු බලතල නොසලකා හැර පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කර තිබීම ගැන සතුටු වෙනවා. නැවත වරක් පාර්ලිමේන්තුවේ අභිමානය රැකගෙන තියෙනවා. අධිකරණයට විවිධ චෝදනා එල්ල වුණා, විධායකයේ කැමැත්තට තීන්දු ලබා දුන් බව කියමින්. මේ අවස්ථාවේදී මෙම සංශෝධන මගින් අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත වෙයි කියා බලාපොරොත්තු වන බව ද ඔහු කීය.
පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම, විගණන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම වැනි කොමිෂන් ස්ථාපිත කිරීම මගින් නිදහස් පාලනයක් ස්ථාපිත වන බවට අපේක්ෂිත බව ද මන්ත්‍රීවරයා පැවසීය.