නොවැම්බර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19 සම්මත කර ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහය

    අප්‍රේල් 27, 2015

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කර ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහය ලබා දෙන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (27) පාර්ලිමේන්තුවේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදයට සහභාගි වෙමින් පැවසීය.


    19 සංශෝධනය සම්මත කර ගැනීමට අපට අවශ්‍යතාවක් තිබෙනවා. එය නිවැරදි ආකාරයට ඉදිරිපත් කිරීම අවශ්‍යයි. අතිගරු ජනාධිපතිතුමා කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඇති නිසා 20 වන සංශෝධනයත් ඉදිරියේදී සම්මත කර ගන්නවා. ඒ සදහා සැමගේ සහය අවශ්‍යයි.

     

    ජනාධිපති ධුර කාලය අවස්ථා 02කට සීමා කිරීමට අප එකගයි. විපක්ෂය හැටියට 19 පිළිබද ජනාධිපතිතුමා සමග සාකච්ඡා වට ගණනාවක් සිදු කොට පක්ෂ විපක්ෂ, ජනතා මත ලබා ගෙන විශාල කාර්යභාරයක් සිදු කළා. අද ඓතිහාසික අවස්ථාවක්. ඇතැම් අය ව්‍යවස්ථා සම්පාදනය කරන වීරයන් වෙන්න කටයුතු කළා. අප මෙය සම්මත කළහොත් ඔක්කොම වීරයන් වන බව විපක්ෂ නායකවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya