නොවැම්බර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞභාග්‍යමත් රටක් බිහිකරන්න නම් 19 සම්මත කර ගත යුතුයි

    අප්‍රේල් 27, 2015

    මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අප කවුරුත් නීතිය, සාමය සුරුකෙන සෞභාග්‍යමත් රටක් බිහිකරන්න නම් විධායක ජනාධිපති ධුරය සංශෝධනය කරමින් 19 වැනි ව්‍යවස්ථාව සම්මත කර ගත යුතු යැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (27) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද 19 ‍වෙනි ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කිරීමෙන් ස්ථිර කිරීමේ අවස්ථාවේ අදහස් දක්වමිනි.

    අද වන විට දියුණුවෙමින් පවතින රාජ්‍ය 32ක විධායක ජනාධිපති දුරය ක්‍රියාත්මක වෙනවා. ඒ කිසිදු රාජ්‍යයක මේ ක්‍රමය සාර්ථක වී නැහැ. මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් බිහි වී තියෙනවා. ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් අගමැති එක්සත් ජාතික පක්ෂයෙනුත් පත්ව සිටිනවා. අද හැම පක්ෂයකම එකගත්වය මෙය අහෝසි කරන්න ලැබී තියෙනවා. මෙය අපේ රටේ ජනතාව ලැබූ ආශිර්වාදයක් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මේ රටේ ජනතාවට වඩාත් හිතකර යෝජනාවලියක් 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කර තියෙනවා. මේ රට අරාජික කරන්න හැකි බලතල විධායක ජනාධිපති ධුරයට ඇතුළත්. මෙය වෙනස් කිරීම ආණුඩුවේ හෝ විපක්ෂයේ උවමනාව නොවේ. මෙය රටේ උවමනාව බව ද ඔහු පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya