වැඩකරන ජනතාව සමරන ජාත්‍යන්තර මැයි දිනය අදයි. ජාත්‍යන්තර මැයි දිනය සමරමින් අද (01) එක්සත් ජාතික පක්ෂය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති රැසක් කොළඹ නගරයේ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල මැයි දින සැමරුම් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
නේපාල භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට ශ්‍රී ලංකාව ලබා දෙන සහන සේවා පුළුල් කිරීමට සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහනාධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාන ආරම්භ කරයි.
විධායක ජනාධිපතික්රමය මෙරටට හදුන්වා දුන් එක්සත් ජාතික පක්ෂය එහි බලතල කප්පාදු කිරීමට කතා කිරීම සම්බන්ධයෙන් සමහරු අද පුදුමයෙන් යුතුව කතා කරනවා ''යැයි බුද්ධ ශාසන,රාජ්‍ය පරිපාලන,පළාත් පාලන හා ප්රජාතන්ත්රීය යහපාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා පවසයි.
දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ 22 වැනි ගුණ සමරු වැඩසටහන අද (1)පෙ.ව.8.00ට පැවැත්වෙයි.