මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික්‍රමසිංහ මහතාගේ හදිසි අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා දොඩම්ගස්ලන්ද ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ආර්.ඩී.විමලදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන්නේ ය.
විනාඩි 10කට කල්තබා නැවත ආරම්භ කළ පාර්ලිමේන්තුව නැවත විනාඩි 15කට කල්තබන බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේ ය.
ලෝක වෙළඳපොළට අවශ්‍ය ලෙස සාදික්කා වල ගුණාත්මක බව වැඩි කිරීමට පියවර ගන්නා බව වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය ප්‍රකාශ කළාය.