නියෝජ්‍ය අමාත්‍යවරිය අද (19) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රි එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා විසින් යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
2015 ජනවාරි මාසයේ පැවැති මිලට සාපේක්ෂව මේ වනවිට සාදික්කා මිල 30%-40% අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බවත් ලෝක වෙළඳ පොළට සාදික්කා සපයන ඉන්දුනීසියාව ආදී ප්‍රධාන රටවල් සිය නිෂ්පාදන වැඩි වශයෙන් ලබාදීම මීට හේතු වී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.