වමේ ව්‍යාපාරය, ප්‍රගතශීලී කඳවුර ශක්තිමත් කිරීමට විශාල සේවාවක් කළ දේශපාලඥයෙකු ලෙස අභාවප්‍රාප්ත එස්.ඩී. බණ්ඩාරනායක මහතා හැඳින්විය හැකි බව විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ශෝක ප්‍රකාශ අවස්ථාවට එක්වෙමින් පැවසීය.
කෘතහස්ත දේශපාලඥයෙකු වන ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ශෝක ප්‍රකාශය අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
ගැබිණි මව්වරුන් සඳහා ලබා දෙන රුපියල් 20,000ක පෝෂණ මළු සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1500ක් වෙන් කර ඇති බවත් ගර්භනී මව්වරුන්ට නිසි ප්‍රමිතියෙන් යුක්තව ආහාර ලබා දීම මේ වැඩපිළිවෙළේ අරමුණ බවත් ළමා කටයුතු අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.