නේපාලයේ භූමිකම්පාවට ගොදුරුව පීඩා විඳින ජනතාවට තවදුරටත් සහන සේවා ක්‍රියාත්මක කරන ලෙස නේපාල රජය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා රජය මේ වන විටත් ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ උපදෙස් මත නේපාල ජනතාව සඳහා සහන සේවා පුළුල් ලෙස ලබා දීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇත.
නේපාලයේ සිදු වූ මේ මහා භූමි කම්පාව සැලවූ අවස්ථාවේ පටන් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් සහන සේවා සිදුකිරීමට ඉදිරිපත්ව ඇත.
එම නිසා ඔවුන්ගේ සහන සේවා හා පරිත්‍යාග ලබා ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පිහිටි සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ස්වේච්ඡාවෙන් ජනතාව ලබා දෙන ආධාර එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන පිහිටු වීමට පියවර ගෙන ඇත.
මේ වන විටත් ජනතාවට අවශ්‍ය ආධාර එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවන ලෙස දන්වා ඇති අතර ඒ සඳහා අවශ්‍ය ආධාර හා උපකරණ මොනවාද යන්න පිළිබඳව ද දැනුම් දී ඇත.
2015.04.30 දින සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටුවා ඇති ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානවලට අදාළ ආධාර බාර දිය හැකිය.
ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්යස්ථානවලද සහයෝගය ලබා දීමට පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම්වරයා විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇති අතර භූමි කම්පාවෙන් පීඩාවට පත් ජනතාවට පිහිටවීම සඳහා ඉදිරිපත් වන සියලු දෙනාට තම ආධාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටුවා ඇති ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානවලට බාර දිය හැකිය.