නැවත කිසිවෙකුටත් මහා පරිමාණයෙන් මූල්‍ය අපරාධ කිරීමට නොහැකි වන ලෙස ඒ පිළිබඳ සොයා බැලීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කාර්යාලයක් මේ අවුරුද්ද අවසන් වීමට පෙර පොලිසිය යටතේ ස්ථාපිත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධව ඊයේ (27) කල්තබන ලද විවාදය අද (28) දෙවැනි දින උදෑසන 9.30ට පාර්ලිමේන්තුවේ දී ආරම්භ කිරීමට නියමිතය.
අපරභාගයේදී දිවයින අභ්‍යන්තරයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව ඒවා බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශ කරා පැතිර යනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතාවාදී ක්‍රියාවලියක් බවත් යහපාලනයේ ආරම්භයක් බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.