පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා විසින් කරන ලද කරුණු දැක්වීමට පිළිතුරු ලෙස අද (28) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පවසන ලදී.
මහා පරිණයෙන් මුදල් අපරාධ සිදු කරන්නේ ව්‍යපාරික දැනුමක් ඇතිවයි. කොටස් වෙළෙඳපොළේ මුදල් අයින් කර ගැනීම, පිටරටවලට මුදල් ගෙනයාම වැනි කාරණා පෙන්වා දුන් අගමැතිවරයා එහි පළමු පියවර ලෙස ලේකම් කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කර ඇත. ඒ සඳහා එක්සත් රාජධානිය, ඉන්දියාව ඇතුළු රටවලින් විශේෂඥ පුහුණුව පොලිස් නිලධාරීන්ට ලබා දෙනවා. මේ සඳහා ලෝක බැංකුවෙන් ද ආධාර ලබා ගන්නවා. ආපසු මේ රටේ හොරකම් කරන්න බැරි විදිහට මේ අංශය පිහිටුවන බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.