මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අප කවුරුත් නීතිය, සාමය සුරුකෙන සෞභාග්‍යමත් රටක් බිහිකරන්න නම් විධායක ජනාධිපති ධුරය සංශෝධනය කරමින් 19 වැනි ව්‍යවස්ථාව සම්මත කර ගත යුතු යැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
මේ රටේ දේශපාලන ඉතිහාසයේ ඉතාමත් ඓතිහාසික අවස්ථාවක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම බවත් එය අද හා හෙට විවාදයට ගැනීමෙන් පසු සම්මත කර ගැනීම ජාතික වශයෙන් අද ජීවත් වන ජනතාව මෙන් ම හෙට උපදින දරුවන් වෙනුවෙන් ද සිදු කළ යුතු යැයි දජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
භූමිකම්පාවෙන් විපතට පත් නේපාලයේ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ කණගාටුව ප්‍රකාශ කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
(පළමු සංස්කරණය) 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (27) පාර්ලිමේන්තුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ආරම්භ කළේ ය.