මීරියබැද්ද නාය යෑමෙන් විපතට පත් වූ ජනතාවට ඉදිකරන නිවාස කඩිනමින් ඉදිකර අවසන් කරන ලෙස වතු යටටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පී. තිගාම්බරම් මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
2015 වර්ෂයේ ගත වූ මාස 4 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 12,782 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
සුළුතර ආණ්ඩුවක් වුවත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජයග්‍රහනය කිරීම පිළිබඳව සතුටට පත් වන බවත් ජනාධිපතිතුමා ජනතාවට ලබාදුන් පොරොන්දුව ඒ අයුරින් ම ඉටු කළ බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනමාධ්‍ය හා ප්රවෘත්තී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසී ය.
19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වූ බව කතානායක චමල් රාජපක්ෂ මහතා නිවේදනය කළේ ය.