නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීරියබැද්ද නිවාස ඉදිකිරීම් කඩිනම් කරන්නැයි අමාත්‍යවරයාගෙන් නිලධාරීන්ට උපදෙස්

    මැයි 01, 2015

    A miriමීරියබැද්ද නාය යෑමෙන් විපතට පත් වූ ජනතාවට ඉදිකරන නිවාස කඩිනමින් ඉදිකර අවසන් කරන ලෙස වතු යටටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පී. තිගාම්බරම් මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    මීරියබැද්ද නායයෑමෙන් විපතට පත් වූවන්ට නිවාස ඉදිකර දීම සඳහා මුල් ගල් තැබීම පසුගිය මාර්තු මස 01 සිදු කෙරිණි.

     

    නිවාස 75ක් සදහා මුල් ගල් තැබුව ද එය මුල්ගලට පමණක් සීමා වී ඇති බවට ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රචාර කළද මේ වන ව්ට මෙම නිවාස ඉදිකිරීම් සාර්ථකව සිදු කෙරෙන බවත් ඉදිකිරීම් සිදු කිරීමේදි පවතින බාධා තමන්ට කඩිනම්න් දැනුම් දෙන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.


    මීරීයබැද්ද නාය යෑමෙන් විපතට පත් වූ පවුල්වල ජනතාව පූනාගල කඳවුරෙ මේ වන විට රඳවා සිටියි. එම ඛේදවාචකයෙන් 37 දෙදෙනෙකු ජීවීතක්ෂයට පත් වූ අතර පුද්ගලයින් 300 කට ආසන්න ජනතාවක් අවතැන් විය.

     

    නව රජයේ දින 100 යේ වැඩ සටහන යටතේ මෙම ජනතාවට නිවාස ඉදිකර දීමට වතු යටිතල පහසුකම් අමාත්‍ය පී.තිගාම්බරම් මහතා කටයුතු කළ අතර බණ්ඩාරවෙල ,කොස්ලන්ද පූනාගල මාර්ගයේ මකල්දෙනිය මන්සන්දිය අසළ ඇති අක්කර 9 ක භූම් භාගයක් ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් පරිදි තෝරාගෙන නිවාස ඉදිකිරීම් ඒ අනුව ආරම්භ කළේ ය.

     

    නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු සේවා බලකාය මෙම ඉදිකිරීම් සිදු කරයි.මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබෙන්නෙ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය විසිනි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya