මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජනතා පොරොන්දුව ඉටු කළා

    අප්‍රේල් 29, 2015

    A gayantha 2සුළුතර ආණ්ඩුවක් වුවත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජයග්‍රහනය කිරීම පිළිබඳව සතුටට පත් වන බවත් ජනාධිපතිතුමා ජනතාවට ලබාදුන් පොරොන්දුව ඒ අයුරින් ම ඉටු කළ බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනමාධ්‍ය හා ප්‍රවෘත්තී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසී ය.

    19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් අනතුරුව ඊයේ (28) පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.


    අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සුවිශේෂී දිනයක්. මේ සඳහා ජනාධිපතිතුමා,අගමැතිතුමා විශාල කැපවීමක් කළා.කිසිම නායකයෙක් තම බලය වර්ධනය කර ගත්තා මිසක් බලය අඩු කරන්නට කටයුතු කළේ නෑ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනතාවට දුන් පොරොන්දුව ඉටුකළා යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya