මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 82 වන ගුණ සමරු උත්සවය ජනපති ප්‍රදානත්වයෙන්

    අප්‍රේල් 29, 2015
    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 82 වන ගුණ සමරු උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ මරදාන ශ්‍රී ලංකා මහබෝධි අග්‍ර ශ්‍රාවක විහාරස්ථානයේ දී පැවැත්විණි.
     
    මරදාන ශ්‍රී ලංකා මහබෝධි අග්‍ර ශ්‍රාවක විහාරස්ථානයේ තැන්පත් කර ඇති සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ද මෙහිදී ජනාධිපතිතුමා එක් විය. 
     
    පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය බානගල උපතිස්ස නායක හිමිපානන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද වැඩම කර සිටි මෙම අවස්ථාවට අමාත්‍යවරු වන කරූ ජයසූරිය, රවී කරුණානායක යන මහත්වරු සහ දෙස් විදෙස් ගිහි පිරිසක් එක් ව සිටියහ.
     
    ඡායාරූප  - ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya