නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි

    අප්‍රේල් 28, 2015

    A parliament19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වූ බව කතානායක චමල් රාජපක්ෂ මහතා නිවේදනය කළේ ය.

    පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 212 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 01ක් ලැබුණි. ඒ අනුව වැඩි ඡන්ද 211 කින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත විය.

     

    කාරකසභා අවස්ථාවෙන් අනතුරුව තුන්වන වර කියවා සම්මත කර ගැනීම සඳහා නාමිකව ඡනදය විමසිය යුතු බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දන්වා සිටියේ ය. ඒ අනුව තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම නාමිකව සිදු කෙරිණි.

     

    තුන්වන වර කියවීමට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ඡන්දය ප්‍රකාශ කළේ ය. නොපැමිණි මන්ත්‍රීවරුන් වූයේ, දී.මූ. ජයරත්න, ,රත්නසිරි වික්‍රමනායක,කෙහෙළිය රඹුක්වැල්ල, ප්‍රේමලාල් ජයසේකර, එන්.විනයාගමූර්ති, ජගත් බාලසූරිය, ප්‍රභා ගනේෂන්, ජානක බණ්ඩාර , බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සහ පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමිය. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.

     

    19 ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට පක්ෂව ඡන්ද 215ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 01ක් ද ලැබිණි. ඡන්දය දීමෙන් වැළකීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා කටයුතු කළේ ය.නොපැමිණි මන්ත්‍රි සංඛ්‍යාව 07කි. ඒ අනුව පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීම වැඩි ඡන්ද 214කින් සම්මත විය.

     

    නාමිකව මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දය විමසීය.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දෙවන වර කියවීමේ විවාදයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ය. සංශෝධන පිළිගත් නිසා පක්ෂ වන බව එහිදී ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේය.


    නොපැමිණි මන්ත්‍රීවරුන් බවට පත්වූයේ කෙහෙළිය රඹුක්වැල්ල, ප්‍රේමලාල් ජයසේකර, එන්.විනයාගමූර්ති, ජගත් බාලසූරිය, ජානක බණ්ඩාර , බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සහ පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමිය.

     

    දෙවන වර කියවීම ඡන්දයෙන් අනතුරුව කාරක සභා අවස්ථාව එලඹුණු අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සම්මත කිරීමට අවශ්‍ය සංශෝධන ලැබී නැති බව දැන් වූ අතර,සභාවේ උණුසුම් අඳහස් දැක්වීම් සිදු වූ අතර සභාවේ කටයුතු විනාඩි 15කට කල්තැබිණි.සභාවේ කටයුතු නැවත ආරම්භ කිරීමෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේ සංශෝධන සළකා බැලීම ආරම්භ කෙරිණි.

     

    ඊයේ (27) සහ අද (28) අදාළ පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය පැවැත්විණි. අද පස්වරු 7.00 ට පමණ ඡන්ද විමසීම ආරම්භ කෙරිණි.

     

    ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය සභාවට ඉදිරිපත් කරන ලදී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya