19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 27 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු දවස පුරා විවාදයට ගැනීමට නියමිත බවත් 28 දින පස්වරුවේ එය සම්මත කිරීම සිදු කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
මේ රටේ ජනතාව අල්ලස් දූෂණ චෝදනා සම්බන්ධයෙන් සොයා බලන්න අවශ්‍ය බව කියන බවත් හොරුන් ආරක්ෂා කරන්න මේ පාර්ලිමේන්තුව යොදවන්න එපා යැයි ද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසීය.
ජාතික වැදගත්කමක් ඇති උත්තරීතර පනතකට කුමන දේශපාලන ප්‍රශ්න ආවත්, එයට හරස් කැපීම සාධාරණදැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී අද (21) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.