Prabhath Rathnayaka
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අල්ලස් කොමිෂමේ වැඩකටයුතු සම්බන්ධයෙන් තමාගේ කිසිදු බලපෑමක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත පැවැරී තිබෙන බවත් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් සාකච්ඡා කොට සභාවට දැනුම් දෙන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අල්ලස් කොමිෂම ඇතුළු සියලු ආයතන ස්වාධීන වන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.