නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව සාකච්ඡා කරනවා

    අප්‍රේල් 20, 2015
    A-Chamal Rajapaksa 3පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත පැවැරී තිබෙන බවත් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් සාකච්ඡා කොට සභාවට දැනුම් දෙන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
     
     
    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානයට යොමු කළ අතර හිටපු ජනපතිවරයා අල්ලස් කොමිෂමට කැඳවා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  විරෝධතාව ප්‍රකශ කළේ ය.
     
    එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විසින් හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිෂම වෙත කැඳවීම සම්බන්ධයෙන් අඳහස් දැක්වීම් සිදු කළේ ය.
     
    මේ සම්බන්ධයෙන් අගමැතිවරයා, විපක්ෂනායකවරයා,පක්ෂ නායකයින් සමඟ සහ ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර,මන්ත්‍රීවරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී කුමන ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු දැයි සාකච්ඡා කර, නිගමනයකට පැමිණ සභාවට දැනුම් දෙන බව ද කතානායකවරයා පැවසී ය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya