නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතියෙන් පිට ක්‍රියාත්මක කරන්නේ නෑ- අයිතිය උල්ලංඝණය වී තිබෙනවා නම්, උසාවියට ගොස් තහනම් නියෝගයක් ගන්න

    අප්‍රේල් 20, 2015
    A ranil-parliamentඅල්ලස් කොමිෂමේ වැඩකටයුතු සම්බන්ධයෙන් තමාගේ කිසිදු බලපෑමක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
     
    අල්ලස් කොමිෂමට බලපෑමක් කිරීමේ හැකියාවක් ද තමන්ට නැතැයි ද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසී ය.
     
    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානයට යොමු කළ අතර හිටපු ජනපතිවරයා අල්ලස් කොමිෂමට කැඳවා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාව ප්‍රකාශ කළේ ය. එහිදී අඳහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.
     
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිෂම වෙත කැඳවීමට ඇතැයි කියන සිද්ධිය දැනගත්තේ පුවත් පත් මඟින් බවත්  හිටපු ජනාධිපතිතුමාට හානියක් කිරීමට කිසිදු වුවමනාවක් නැති බවත් සම්පූර්ණ ආරක්ෂාව ලබා දී ඇති බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා,නීතිය අනුව කටයුතු කළ යුතු බවත් නීතියෙන් පිට කටයුතු කළ නොහැකි බවත් පැවසී ය.
     
    වත්මන් ජනාධිපතිතුමා ඇමතිකම් දුන්නාම් දුන්නේ ඒ පක්ෂයේ තීරණයක් හැටියටයි. හැමෝ ම සිටින්නේ සන්ධානයක් හැටියටයි. ඇමැතිකම් ගන්න පැන්න අය නොවෙයි. ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් සිටින්නේ.
     
    තිස්ස අත්තනායක මහතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉල්ලා තිබෙනවා කියලා හිටපු ජනාධිපතිතුමාගෙන්. ඒක මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන අල්ලස් චෝදනාවක් නොවේ.
    අල්ලස් කොමිෂමට අයිතියක් නැත්නම් මහින්ද රාජපක්ෂ මහතාගෙන් කට උත්තරයක් ගන්න, එතුමගේ නීතිඥයින් උසාවියට ගොස් තහනම් නියෝගයක් ගන්න අවශ්‍යයි අල්ලස් කොමිෂමට විරුද්ධව. නීතිය අනුව ක්‍රියා කරන්න. නීතියෙන් පිට ක්‍රියාත්මක කරන්නේ නෑ.
     
    අධ්‍යක්ෂ ජනරාල්තුමිය පත් කිරීමට මගේ මැදිහත්වීමක් නෑ. විමර්ශන කරන්න අවශ්‍ය නිලධාරි සංඛ්‍යාව නෑ. සම්පත් අපි ලබාදුන්නා. අල්ලස් කොමිෂමේ ලිපි ගොනු එක්දහස් අටසිය ගණනාවක් තිබුණා, කිසිම තීරණයක් අරගත්තේ නැති ඒවා. මේ ආණ්ඩුවෙන් නොවේ මේවා එකතු කළේ.
     
    මෙය එතුමාට එල්ල වූ පැමිණිල්ලක් හෝ චෝදනාවක් නොවේ. වාර්තා වන්නේ ප්‍රකාශයක්  සටහන් කර ගැනීමට කැඳවා ඇති බවයි. එහිදී  හිටපු ජනාධිපතිතුමා සම්බන්ධයෙන් එතුමාගේ අයිතිය උල්ලංඝණය වී තිබෙනවා නම්, උසාවියට ගොස් තහනම් නියෝගයක් ගන්න එකයි තිබෙන්නේ. යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.
     
    සභාවේ කටයුතු ආරම්භ වීමෙන්  අනතුරුව මේ සම්බන්ධයෙන් අඳහස් දැක්වීම් සිදු වූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු විරෝධය පළ කරමින් සභා ගැබ මැද බිම වාඩි විය. ඒ අවස්ථාවේ දී ප්‍රධාන වේත්‍රධාරී විසින් සෙංකෝලය සභාගැබෙන් ඉවතට ගෙන ගියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya