නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය දින දෙක තුළ පැවැත්වෙනවා

    අප්‍රේල් 20, 2015
    A gayantha19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට(21) සහ අනිද්දා(22) දින දෙක තුළ පැවැත්වෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
     
    අද (20) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ  ප්‍රකාශ කළේ,මෙරට ජනතාවගේ අපේක්ෂාව ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම බවත් ඊට විරුද්ධවන්නට රටේ ජනතාව තීන්දුවක් ගනු ඇති බවත් ය.
     
    විවාදයෙන් අනතුරුව ඡන්දය විමසීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසී ය. 
     
    සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  සඳහන් කළේ,හෙට දිනයේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගන්නා බව ය.
     
    පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍ය වෙත අඳහස් දක්වමින් පවසා සිටියේ,19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම වැළැක්වීම සඳහා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බවය. අද පාර්ලිමේන්තුවේද සිදු වූයේ එහි එක් පියවරක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසී ය.
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya