අවුරුදු 10කට පසු ජීවන වියදම අඩු වුණා. ඒ දූෂණ නැති නිසයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලේ දූෂණ අඩු වුණා. මිනිස්සු අහනවා කවුද හොරකම් කළේ කියලා. වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මරන්න එල්.ටී.ටී.ඊය ක්‍රියා කළා.
ඒ රට ආරක්ෂා කරන එක නෙමේ ද අපේ වගකීම. අන්තිමට එයා ජනාධිපති අපේක්ෂකයා වුණාම එතුමාට තිබූ ආරක්ෂාව ඉවත් කළා. එතුමාට විරුද්ධව පරීක්ෂණ පටන් ගත්තා. ඒවා කළේ කවුද? ඒක අහන්න කැමතියි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටත් හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංගටත් උවමනා ආරක්ෂා දීල තියෙනවා . හිටපු ජනාධිපතිවරුන් දෙන්නම මන්ත්‍රීවරුන් නෙමේ. එයාලගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න බැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිකම අතහැරියම කවුද ගියේ. දැන් ඔය කෑ ගහන්නේ තමන්ව ආරක්ෂා කරගන්නයි යැයි ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.