කොළඹ,අලුත් කඩේ ප්‍රේමදාස පිළිරුව අසළදී ප්‍රධාන ගුණ සමරු උත්සවය පැවැත්වෙයි. අනුස්මරණ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන් සිහිකරමින් හුණුපිටිය, ගංගාරාමයේ දී මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වෙයි.
''සැමට සෙවන''වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ 800කට ප්රතිලාභ ලබාදීම, දිවිනැගුම වැඩසටහන මගින් ක්‍රියාත්මක නිවාස ආධාර වැඩසටහන යටතේ 100 දෙනෙකුට ආධාර හිමිකම් පත්‍ර ලබාදීම, දිවිනැගුම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කරන ''දිරිය සවිය''රුපියල් ලක්ෂය බැගින් වන අඩු පොළී ණය 130 දෙනෙකු වෙත ප්රදානය කිරීම ගුණසමරු වැඩසටහනට සමගාමීව සිදු කෙරේ.