ඉන්ධන මිලදී ගැනීම, බෙදා හැරීම, බාලතෙල් ගෙන්වීම,බාල නළ ගැන යහපාලනය නිසා අහන්න ලැබෙන්නේ නෑ.දැන් අපේ රටේ ජනතාවට කිසිම බියක් සැකක් නැතිව ඉන්ධන ලබා ගැනීමට හැකි වී තිබෙනවා යැයි ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
ඉන්ධන මිල අඩු කිරිම ජනතාවට ලැබුණු සුවිශේෂි සහනයක් බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ
මහත්මිය ප්‍රකශ කරයි.
විදුලි බල ක්ෂේත්රය මුළුමනින්ම පෞද්ගලික අංශයට ලබාදිය යුතු නැති වුවත් එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
තොරතුරු දැනගැනීමේ ඓතිහාසික පනත ලබන වසර මුලදී පාර්ලිමේන්තුවට ගෙන එන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ ය.