මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ ඓතිහාසික පනත ලබන වසර මුලදී පාර්ලිමේන්තුවට ගෙන එනවා

    දෙසැම්බර් 12, 2015

    තොරතුරු දැනගැනීමේ ඓතිහාසික පනත ලබන වසර මුලදී පාර්ලිමේන්තුවට ගෙන එන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා අද (12) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමත්‍යාංශ වැයශීර්ෂ
    විවාදයේ අඳහස් දක්වමිනි.

     

     

    කාටවත් ඇඟිල්ල දිගු කරන්න බැරි පූර්ණ මාධ්‍ය නිදහසක්....


    ජනවාරි මාසය රජය බාර ගන්නකොට මාධ්‍ය නිදහස වළපල්ලට ගිහින්, කළු පැල්ලම් සහ ලේ පැල්ලම් සහිත අපකීර්තිමත් යුගයක්
    තිබුණේ.එක ජනමාධ්‍ය වේදියෙක් මේ කාලයේ ඝාතනය වුණා කියන්නටත්,මාධ්‍යවේදියෙක් සුදු වෑන් එකකින් උස්සන් ගියා
    කියන්නවත්, නොමිලේ රැවුල කොන්ඩේ කපා දැම්මා කියන්නවත් කාණුපල්ලේ දාගෙන තඩි බෑවා කියන්නවත් අබමල් රේණුවකින්
    හිංසාවක් පීඩාවක් වුණා කියන්නවත්, පන බේරා ගන්න රට ගියා කියන්නවත් කිසිම මාධ්‍ය ආයතනයකට පහරදීමක් හෝ ගිණි
    තැබීමක් කිරීමක්වත්,කවුරු හරි දුරකථනයෙන් හරි බලපෑමක් කළා කියන්නවත් ඇඟිල්ල දිගු කරන්න බැරි පූර්ණ මාධ්‍ය නිදහසක් ඇති
    කළ වෙලාවක අද කතා කරන්න ලබීම ගැන ඉතාමත්ම සතුටු වෙනවා.

     

    එදා පණ බේරාගන්න විදේශගත වූ අය දැන් ආපසු ලංකාවට ඇවිත් නිදහසේ පෑන හසුරුවනවා. අපේ ආණ්ඩුවයි, අපිවයි බය නැතිව
    විවේචනය කරන්න පුළුවන් විදියට ඉඩකඩ සැකසී තිබෙනවා.

     

    ආර්ථික වශයෙන් කාබාසිනියා කළ කඩා වැටුණු රාජ්‍ය මාධ්‍ය අපට ලබුණේ...


    රාජ්‍ය මාධ්‍ය ආයතනවල තිබුණු තත්ත්වය ගැන කියන්න කැමතියි.සමහරු මේවා ඕනකමින් අමතක කර කතා කරන්න හැදුවත්
    තමන්ගේ හෞද සාක්ෂියට අනුව දන්නව මොකක්ද ඇත්ත කියලා.රාජ්‍ය මාධ්‍ය ආයතන තනිකරම දේශපාලනීකරණය වී
    තිබුණා.ඒවා රජයේ හොරණෑ බවට පත් කරගෙන දේශපාලන ප්‍රතිරූප පුම්බන්න 24 පැයම ආණ්ඩුවට කඩේ යන තැන් බවට
    පරිවර්තනය කර තිබුණා.විරුද්ධ පක්ෂ නිර්දය ලෙස විවේචනය කරන තැන් බවට පත් කර තිබුණා. ආර්ථික වශයෙන් කාබාසිනියා
    කළ කඩා වැටුණු රාජ්‍ය මාධ්‍ය ජනතාව පිළිකුල් කරන ආයතන බවට පත්වී තිබුණා. එයයි අපට බාර ගන්න සිදු වුණේ.

     

     

    ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනය පිළිබඳ අවධානය...

     

    ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනය පිළිබඳව අපි අවධානය යොමු කර තිබෙනවා.අවුරුදු දහයක් ප්‍රධාන පක්ෂයක මාධ්‍ය ප්‍රකාශක ලෙස
    කටයුතු කර කෙනෙක්.ඒ නිසා මාධ්‍යවේදීන්ගේ සිහින තිබෙන බව හොඳට දන්නවා.ඒ සිහින සෑබෑ කරන සිහිනයේ මම දැන්
    ඉන්නවා.නිවාස ප්‍රශ්නය තිබෙනවා.සමහරු ඉන්නේ බෝඩිම්වල.සමහරු ඉන්නේ කුලී ගෙදරක.කාමරයක.පන්සලක.පල්ලියක.ඒ නිවාස ප්‍රශ්නය දැක්කා.

     

    මාධ්‍යවේදීන්ට ඉඩම සහ යතුරු පැදි...

     

    ඉඩම් පිළිබඳව අපි කැබිනට් එකට ඉදිරිපත් කළා.ඒ ඉඩම්වල මැණුම් කටයුතු සිදු වෙනවා.යතුරු පැදියක් ලබදීම ගැන අවධානය යොමු
    කළා.2000ක් පමණ එයට සුදුසුකම් ලබදී තිබෙනවා.සහන ක්‍රමයට ඒ යතුරු පැදි ලබදීම මේ වසර අවසන් වන්නට පෙර සිදු කරනවා.

     

    උසස් අධ්‍යාපනයට ණය යෝජනා ක්‍රමයක්...


    උසස් අධ්‍යාපනය කරන අයට ලබාදෙන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනවා.කොටසකට 18 වෙනිදා අමාත්‍යාංශයේ දී
    150කට ණය ලබා දෙන්නත් කටයුතු කරනවා.

     

     

    තොරතුරු දැනගැනීමේ අයිතිය දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට...

     

    තොරතුරු දැනගැනීමේ අයිතිය පනත කැබිනට් මණ්ඩලයාට දාලා,අනුමත වෙලා තිබෙනවා.ලබන වසරේ මුලදී මේ
    ඓතිහාසික පනත පාර්ලිමේන්තුවට ගේනවා.

     

     

    පතතර මහ ගෙදර අපේ පාලනයේ දී ස්වර්ණමය යුගයක් බවට පත් වුණා.2001 2004 අපි එය බාරදෙනකොට පතතර අළෙවිය
    වැඩිකරලා පමණක් නොව රුපියල් මිලියන 289ක අතිරික්ත මුදල් සංචිතයක් එක්කයි අපි බාරදුන්නේ. අපිට ඒක ජනවාරි අටවෙනිදා
    කොහොමද බාර දුන්නේ.බැංකු ණයයි, බැංකු අයිරාවයි විතරක්,රුපියල් මිලියන 800ක් එක්කයි අපිට බාරදුන්නේ.මෙන්න
    ප්‍රතිරූප නංවන්නට ගහපු පොත්. නව සභාපතිතුමා ඉතාම පිරිසිදුව මේ ආයතනය ගොඩගන්න සමත් වී තිබෙනවා.මිලියන 800 පාඩුව
    මිලියන 450 දක්වා අඩු කර තිබෙනවා.

     

    දරු සෙනෙහසට සී එස්.එන් ජාතික රූපවාහිනියෙන් උදුරලා,ක්‍රිකට් විකාශනයට දුන්නා.යළි ජාතික රූපවාහිනියට ක්‍රිකට් විකාශය
    ලබාදීමේ කැබිනට් පත්‍රිකාව දැම්මා.ඒක රූපවාහිනියට ලැබුණා.ජාතික රූපවාහිනිය අලුත් ගමන් මඟකට අවතීර්ණය වී
    තිබෙනවා.

     

    දැන් රූපවාහිනිය ඉහළට යනවා.සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය නිසා.සියලු පක්ෂවලට ඉඩ දෙන දේශපාලන වැඩසටහන් නිසා.ස්වාධීන රූපවාහිනිය සැළකුවේ පවුලේ නාළිකාව ලෙසයි.අවාසනාවට පසුගිය පාලනය කාලේ,ජනතවගේ පවුලේ නාළිකාව වූ අයි.ටී.එන්.එක එක පවුලක නාළිකාවක් බවට පත් වුණා.

     


    අපි වෙළඳ ප්‍රචාරයේ දී කාටත් සමතැන මැතිවරණයේ දී ලබාදුන්නා.අද ජාතියේ හදවත බවට ගුවන්විදුලිය පත් වෙමින් පවතිනවා.ස්ථාවර තැම්පතු වැඩි වී තිබෙනවා.මේවා කරන්න පුළුවන් වුණේ දේශපාලන මඩ ගොහුරුවෙන් ගලවා ගත් නිසා.

     

    මම කැතවැඩ කරන මිනිහෙක් නොවේ.අවුරුදු 15ක් පාර්ලිමේන්තුවේ හිටියා.අඟිල්ල දිගු කරලා කියන්න එක දූෂණයකට සම්බන්ධයි
    කියලා.අපි අත් දෙක පිරිසිදුව මේ තනතුරුවලින් යන්න ඉන්න මිනිස්සු.රජයේ මුද්‍රණාලය ඉතාම කාර්යක්ෂමව අද වැඩකරනවා.මේවා නිසි තැනට ඇවිත් තිබෙනවා.

     

    මන්ත්‍රී ප්‍රතිපාදන හා පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු දිගටම...

     


    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මටයි අයිති.ප්‍රතිසංස්කරණ රාශියක් හෙට අනිද්දට බලාගන්න පුළුවන්.මන්ත්‍රී ප්‍රතිපාදන හා පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු දිගටම කරනවා.

     

    මන්ත්‍රී කර්යමණ්ඩල පුහුණු කිරීමේ කටයුතු කරගෙන යනවා.හිටපු ජනමාධ්‍ය අමාත්‍යතුමාට පාර්ලිමේන්තුවේ උත්තරයක් දෙන්න අද
    බැරි වෙලා.කෝ අද?ඒ ගැන කණගාටු වෙනවා. වල් අලි ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදියට ගෙයක් ලබාදීමට කටයුතු කළා. නුවරින් ආපු එකම කොන්ත්‍රත් සේවකයෙක් ඉවත් කරලා නෑ.අපේ රජය ආවට පස්සේ ධාරා තුනක් ඇති කරලා,චිත්‍රපට පෝළිම අඩුකරන්න කටයුතු කර තිබෙනවා.පවතින ගැටළු විසඳනවා. දූෂණ චෝදනා නතුවයි අපි වැඩකරන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya