මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය ක්ෂේත්‍රය මතවාදී ලෙස දියුණු විය යුතුයි- අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා

    දෙසැම්බර් 12, 2015

    මාධ්‍යවේදීන් භාෂා දෙකක්වත් දැනගත යුතු බවත් ජනමාධ්‍ය ක්ෂේත්‍රය දියුණු විය යුතු වගේම ජනමාධ්‍ය ක්ෂේත්‍රය මතවාදී ලෙසත් දියුණු විය යුතු බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි.


    අමාත්‍යවරයා අද (12) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමත්‍යාංශ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    අපේ රටේ ජනමාධ්‍ය රජය සතුවත් තිබෙනවා,පෞද්ගලික අංශය සතුවත් තිබෙනවා. ස්වාධීනත්වය ජනමාධ්‍යයට භාවිත
    කිරීමේ දී මම ප්‍රවේශම් වෙනවා. ස්වාධීනත්වය කියන වචනය ප්‍රමාණාත්මක නිසාත් සංඛ්‍යාත්මක කාරණයක් ලෙස මට
    පේන්නේ නෑ.

     

    ජනමාධ්‍ය ආයතන වැඩකරන්නේ ජනමාධ්‍ය අයිතිකරුවන්ට වුවමන විදියටයි. මෙය ලෝකයේ එදා සිට තිබුණු ව්‍යාප්තවාදයේ
    කොටසක් හැටියටයි මම සළකන්නේ. අපි එදා පසුකළේ ඉතාම භායානක කාලයක්. යුද්ධයක් තිබුණා, ඒ මාධ්‍යයේ වැඩකළේ,
    අපි විවිධ අංශවල ව්‍යාප්ත කළා. අලුත් චැනල, රූපවාහිනි නාළිකා විශාල ප්‍රමාණයක් ඇති වුණා.

     

    අද කළ යුතුව තිබෙන්නේ, අපේ මාධ්‍යවේදීන්ට පුහුණුව දීලා, ප්‍රවෘත්තියක තිබෙන නිවැරැදි ස්වාභාවය හඳුනාගන්න. අද පුහුණු
    කරන්නේ එක් එක් ආයතන. අපිට මාධ්‍ය පුහුණු ආයතනයක් නෑ. මාධ්‍ය පාසලක් හදන්න ඕන.අපේ ලංකාවේ විශිෂ්ඨ
    මාධ්‍යවේදීන් සිටියා. ජාත්‍යන්තර තලයේ මාධ්‍යකරුවන් රාශියක් සිටිනවා. මාධ්‍යවේදීන් භාෂා දෙකක්වත් දැනගත
    යුතුයි. ඔවුන්ට අලුත් දැනුමක් ලබාගත හැක්කේ ඒ නිසයි. ජනමාධ්‍ය ක්ෂේත්‍රය පුළුල් විය යුතුයි. අපි දැන් ඩිජිටල්කරණයට
    ලක්වෙලා.

     

    ජනමාධ්‍ය ක්ෂේත්‍රය දියුණු විය යුතු වගේම ජනමාධ්‍ය ක්ෂේත්‍රය මතවාදී ලෙසත් දියුණු විය යුතුයි. අපේ තර්කනය අඩුයි. අලුත්
    විදියට හිතන්න පුළුවන් විය යුතුයි. ජනමාධ්‍ය ක්ෂේත්‍රය අද මුළු ලෝකයේ ම පුළුල්ව තිබෙනවා. මාධ්‍ය කළමනකරණයට අපේ
    රටේ මාධ්‍ය නියාමන අධිකාරියක් අවශ්‍යයි. මේ ගැන හිතන්නේ කවුරුත් වැරදි විදියට.ප්‍රජාතන්ත්‍රවදී සමාජයක අවශ්‍ය
    ප්‍රතිසංස්කරණ වර්තමාන අමාත්‍යතුමාට සිදු කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya