මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍යවේදීන්ට පුහුණුවක් ලබාදිය යුතුයි- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

    දෙසැම්බර් 12, 2015

    මාධ්‍යවේදීන් 44ක් මරපු යුගය අද අවසන්. උතුරේ මෙන්ම දකුණේ මාධ්‍යවේදීන් මරපු යුගය අවසන් කියලා කියන්න කැමතියි.මාධ්‍යවේදීන්ටත් පුහුණුවක් ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    අග්‍රාමාත්‍යවරයා අද (12) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමිනි.


    මාධ්‍යවේදීන් 44ක් මරපු යුගය අද අවසන්. උතුරේ මෙන්ම දකුණේ මාධ්‍යවේදීන් මරපු යුගය අවසන් කියලා කියන්න කැමතියි.විශේෂයෙන ජීවිත නැතිවුණ අයට යම්කිසි වන්දියක් ලබාදෙන්න ඕන.


    මාධ්‍යවේදීන්ටත් අපි පුහුණුව ලබාදිය යුතුයි.මාධ්‍යවේදීන් ඒ පුහුණුව ඉල්ලනවා. විශ්වවිද්‍යාලවලට ඒ පහසුකම් වැඩි කරන්න
    පුළුවන්. මාධ්‍යවේදීන් පිටරට යවන්නත් බලමු.එසේ නැතිනම් මානසිකත්වය වැටෙනවා.


    පාර්ලිමේන්තුව සජීවීව යනවා.අපි පොරොන්දු වුණා පාර්ලිමේන්තුව විවෘත කරනවා කිව්වා.ඕනෑ කෙනෙකුට
    පාර්ලිමේන්තුවේ කටයුතු බලන්න පුළුවන්.

    පාර්ලිමේන්තුවේ කාරක සභා, අයවැය ලේඛන කාර්යාලය විවෘත කරන්න ගොඩනැගිලි තිබෙනවා, ඒ ගැන පියවර ගෙන
    තිබෙනවා.අපි කෘෂිකර්ම අමත්‍යාංශයට ස්තූතිවන්ත වෙන්න ඕන.
    පර්යේෂණ සඳහා මමත් කතානායකතුමත්, ජනාධිපති ලේකම්තුමත් සියලු දෙන ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍ර මණ්ඩලය
    මුණගැසුණා. හැම පක්ෂයකට පර්යේෂණ අංශ තියෙන්න ඕන. මන්ත්‍රීතුමන්ලට ප්‍රශ්නයක් තිබෙනවා.ඒ අයට පහසුකම් වුවමනායි.මන්ත්‍රීවරුන්ට කමර 150ක් සොයාදෙන්න ඕන.

    පාර්ලිමේන්තු සේවා මණ්ඩලයක් වුවමනායි.ඒ සඳහා වෙනම වැඩසටහනක් දාලා,පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත්
    කරනවානම්,ප්‍රධාන පහසුකම් ඔක්කොම දෙන්න ඕන.අපේ හැසිරීමත් දියුණු කරන්න ඕන.මෙතැන ගහගන්න
    බෑ.සභාගර්භයට එන්නේ ප්‍රතිපත්ති තීරණයක් අනුවයි.අනෙක් ප්‍රශ්නවලට එන්නේ නෑ.මෙතැන යු.එන්.පී. මන්ත්‍රීවරයා වැරදි
    කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වරදක් කළත් එකයි.

    කවුරු හරි වරදක් කරනවානම් ඒ පක්ෂයත් ඒ ගැන විනය පරීක්ෂණයක් කර විනය පියවර ගන්න ඕන.පාර්ලිමේන්තුවට
    සම්පූර්ණ බලය දෙන්න.අනගතයේ මන්ත්‍රීවරුන්ට තිබෙන කාර්යභාරය වැඩිවන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya