මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ අයිතිය පනත ගෙන ඒමෙන් ආණ්ඩුකරණය විවෘත ක්‍රියාදමයක් බවට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා

    දෙසැම්බර් 12, 2015

    තොරතුරු දැනගැනීමේ අයිතිය රැගත් පනත ගෙන ඒමෙන් ආණ්ඩුකරණය විවෘත ක්‍රියාදමයක් බවට පත් කිරීමට බලාපොරොත්තු වෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (12) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමත්‍යාංශ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    ප්‍රජාතන්ත්‍රවාදී රටක උසස් සන්නිවේදන මෙහෙවරක් ඉටු කිරීම සඳහා නිදහස් මාධ්‍ය සම්ප්‍රදාය ආරක්ෂා කර ගනිමින් ජනමාධ්‍යකර්මාන්තයක් ලෙස දියුණු කිරීම අපේ අමාත්‍යාංශයේ වගකීමයි.පාර්ලිමේන්තු ආණ්ඩුකරණයට අදාළ ප්‍රතිසංස්කරණ සමුදායක් කිරීමට බලාපොරොත්තු වෙනවා.ඒවට අදාළ පහසුකම් සැපයීමත් අමාත්‍යාංශයේ වගකීමක්.

     

    වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා ප්‍රකාශ කළ ආකාරයට ඔය එකක් දෙකක් දූෂණ නොවේ, දූෂණ පොදියක් හොරකම් විශාල ප්‍රමාණයක් කාබාසිනියා කිරීම් කදු ගණන් උසට ෆයිල් ගොඩගසා තිබෙනවා.අපි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කර තිබෙනවා.

     

    අපි උසස් සන්නිවේදන මෙහෙවරක් කරනවා කියන වෙලාවේ, අපි පසුකර ගෙන ආ අතීතය සිහි කළ යුතුයි.අපි පසුකර ගෙන ආවේ ඒකාධිපතිවාදී ,ජාතිවාදී, වර්ගවාදී, ඥාති සංග්‍රහයෙන්, අශීලාචාර වූ රාජ්‍යයක්. ඒ අශීලාචාර බව අපේ ජනමාධ්‍ය තුළ හොඳින් නිරූපණය වුණා.  ජනමාධ්‍යවේදීන් මරලා දැම්මා. ලසන්ත වික්‍රමතුංග මරලා දැම්මේ අධි ආරක්ෂිත කලාපයක් තුළ.

     

    ප්‍රදිප් එක්නැළිගොඩ අතුරුදහන් කළා. පෝද්දල ජයන්තගේ අඬු කැඩුවා. ජනමාධ්‍යවේදීන් බොහොමයක් රට අතහැර ගියා.ආණ්ඩුවේ මැර ඇමැතිවරු මාධ්‍ය ආයතනවලට ඇවිල්ලා,පහර දුන්නා.

     

    විශාල ජනමාධ්‍ය මර්දනයක්, කරන අතරේ වක්‍ර ප්‍රචණ්ඩත්වයකින් ජනමාධ්‍ය මර්දනය කළා. අල්ලස් දීලා, වරදාන දීලා,රජයේ
    මාධ්‍යයත්, පුද්ගලික මාධ්‍යයත් ඒකාධිපති හස්තයට යට වූ යුගයක් අපි පසුකරගෙන ආවේ.

     

    රාජ්‍ය මාධ්‍ය සමස්තයක් හැටියට ආණ්ඩුවේ හොරණෑවක් බවට පත් වුණා. නිර්ලජ්ජිත වැඩසටහන් ප්‍රචාරයට පත් වුණා. අධම මාධ්‍ය සංස්කෘතියක් අනිත් පැත්ත හරවන්න, අපිට සෑහෙන කාලයක් අවශ්‍ය වුණා. අපි සති දෙකක් තුනක් ඇතුළත මේ රටේ නිදහස් ජනමාධ්‍ය තහවුරු කරමින් සමතුලිත මාධ්‍යයක් රාජ්‍ය මාධ්‍ය තුළ තහවුරු කරමින් අපි උපරිම සන්නිවේදන මෙහෙවරක් ඇති කළා.

     

    ඩිජිටල්කරණය සම්බන්ධයෙන්, රාජ්‍ය චිත්‍රපට සංස්ථාවත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයත් එකතුවෙලා අංකිත තාක්ෂණය ඔස්සේ ඩිජිටල්කරණය ලබන වසරේ ආරම්භ කරනවා.


    2017 දී ඩිජිටල්කරණය අංගසම්පූර්ණ කරගැනීමටයි බලපොරොත්තුව. මාධ්‍ය වෘත්තිකයාගේ සුබසාධනය පිළිබඳව අප විශේෂයෙන්ම උනන්දු වෙනවා. ඒ වෙනුවෙන් වැඩසටහන් රාශියක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ජනමාධ්‍ය අමාත්‍යාංශය එක් වී වැඩකටයුතු කරගෙන යනවා. කාබසිනියා කර තිබූ ජනමධ්‍ය ආයතන දියුණු කිරීම ඔස්සේ රාජ්‍ය මාධ්‍ය ආයතනවල වෘත්තිකයන්ට ගරු කටයුතු ලෙස වැඩකිරීමට අවස්ථාව ලබෙන්නේ.


    මේ නව ආණ්ඩුව ඔස්සේ අද සෑම මාධ්‍ය ආයතනයකම පළිගැනීම්වලින් තොරව වැඩකිරීමේ වාතාවරණය මාධ්‍යකරුවන්ට උදා කර දී තිබෙනවා. ප්‍රාතන්ත්‍රවාදි ජනරජයකට ගැළපෙන ආකරයටඅපේ ජනමාධ්‍ය අන්තර්ගතයන් සකස් කරන්නේ. ප්‍රාදේශීය මාධ්‍යකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ වෘත්තිකභාවය දියුණුකරන්නට, ඔවුන්ගේ සේවා කොන්දේසි වැඩිදියුණු කරන්නට අපි විශේෂ වැඩසටහන් කරගෙන යනවා.


    ලබන මාසයේ දී මේ මැතිසභයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා, තොරතුරු දැනගැනීමේ අයිතිය රැගත් පනත. අපි
    ඉන් බලාපොරොත්තු වන්නේ විවෘත ආණ්ඩුවක් ප්‍රවර්ධනය කිරීමයි. ලෝකයේම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක ප්‍රධාන මූලධර්මය. ආණ්ඩුවට වහන්න දෙයක් නෑ.ආණ්ඩුකරණය විවෘත ක්‍රියාදමයක් බවට පත් කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. අපිට වහන්න දෙයක් නෑ. ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමා තොරතුරු දැනගැනීමේ අයිතිය පනත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පසුව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සූදානම් වෙනවා,ඒ අයිතිය ක්‍රියාත්මක කරන මේ කලපයේ රටක් ලෙස එකතු වී අපේ රටේ ආණ්ඩුකරණයේ විශාල පරිවර්ථනයක් ඇති කිරීමට යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya