මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරප්‍රසාද කමිටුවට යොමුකොට වාර්තාවක් ලබාදෙන්න-කතානායක

    දෙසැම්බර් 12, 2015

     

    වරප්‍රසාද කමිටුවට යොමු කර සාධාරණ තීන්දුවක් ගන්න- මන්ත්‍රි

    මුජිබුර් රහුමාන්

    පර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාට ඊයේ පාර්ලිමේන්තුවේ තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධව වරප්‍රසාද කමිටුවට 

    යොමුකොට වාර්තාවක් ලබාදෙන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී නියෝග කළේ ය.


    ඊයේ (11) පාර්ලිමේන්තුවේ දී ඇති වූ සිදු වීම සම්බන්ධයෙන් තම වරප්‍රසාද කඩවී යැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා කතානායකවරයාගේ අවධානය යොමු කළේය.

     

    ඊයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ විදේශ රැකියා යන අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට ගැනුණු අවස්ථාවේ අඳහස් දක්වමින්
    සිටි පර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමන් මහතා සඳහන් කළ කරුණක් සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල
    විය. ඒ හේතුවෙන් පාර්ලිමේන්තු සභාවේ කටයුතු දෙවරක් නතර කර දැමීමට සිදු විය.

     

    ජීවිත තර්ජන සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවට යොමු කර සාධාරණ තීන්දුවක් ගන්නා ලෙසද මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

     

    සිද්ධිය සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවට යොමුකොට ලබන වසරේ සති දෙකක් ඇතුළත වාර්තා ලබා දෙන කතානායක කරූ ජයසූරිය
    මහතා දන්වා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya