අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (12) පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබාදෙමිනි.
ඒ සඳහා කැබිනට් අනුමතිය ලැබුණු වහා අවශ්‍ය පියවර ගන්නා බවත් පැවසූ අමාත්‍යවරයා, ලිහිසි තෙල් නිෂ්පාදනය කිරීම නුදුරේම ආරම්භ කරන බව පැවසී ය.
පිරිපහදුව ප්‍රතිසංස්කරණ කටයුතු කළ පසු බොරතෙල් වර්ගය අනුව තාර නිෂ්පාදනය සිදු කිරීමට කටයුතු කරන බවත් ජනවාරි මස සිට
මේ දක්වා පෞද්ගලික ආයතන තාර ගෙන ඒම සිදු කර නැතැයි අමාත්‍යවරයා පැවසී ය.