මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි බල ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කටයුතු කළ යුතුයි

    දෙසැම්බර් 12, 2015

    විදුලි බල ක්ෂේත්‍රය මුළුමනින්ම පෞද්ගලික අංශයට ලබාදිය යුතු නැති වුවත් එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (12) පාර්ලිමේන්තුවේ දී  ,විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ වැයශීර්ෂය
    විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසී ය.

     

    රටේ ආර්ථික පරිවර්තනය පිළිබඳව අගමැතිතුමාගේ ප්‍රකාශයේ සඳහන් වුණා.විදුලි බල හ ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව වැඩිකර ගැනීම හා ඒ තුළින් ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දිය හැකි බව පෙන්වා දුන්නා.


    නව රජයක් ලෙස අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට ය යුතුයි. දේශපාලනීකරණය හ කළමනාකරණයේ දුර්වලතාවය නිසා
    කෝටි ගණනාවක් අහිමි වී එය රටේ ආර්ථිකයට බලපෑමක් වුණා.

    අපි දූපත් මානසිකත්වයක ඉන්නේ.විශාල ආර්ථික පරිවර්තනයකට රට ගෙනයාමට සූදානම් වී සිටින වෙලාවේ විදුලි බලය ස්ථවරව හ
    උසස් මට්ටමෙන් සමජයට ලබා දීම වගකීමක්.ඒ සඳහා දීර්ගකාලීන වැඩකටයුත්තක් ලෙස ඉදිරියට යා යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා
    පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya