මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපාලනය නිසා බාලතෙල් ගෙන්වීම ගැන,බාල නළ ගැන අහන්න ලැබෙන්නේ නෑ

    දෙසැම්බර් 12, 2015

    ඉන්ධන මිලදී ගැනීම, බෙදා හැරීම, බාලතෙල් ගෙන්වීම,බාල නළ ගැන යහපාලනය නිසා අහන්න ලැබෙන්නේ නෑ.දැන් අපේ රටේ ජනතාවට කිසිම බියක් සැකක් නැතිව ඉන්ධන ලබා ගැනීමට හැකි වී තිබෙනවා යැයි ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (12) පාර්ලිමේන්තුවේ දී  විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ඛණිජ තෙල්
    සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වැයශීර්ෂය විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසී ය.


    ඛනිජ තෙල් පිළිබඳව විපක්ෂයේ සිටිමින් කතා කරලා,මෙය හොඳට පුරුදුයි.කාලයක් තිබුණා මේ රටේ ජනතාවට තෙල් සංස්ථාව
    කියනකොට ඇගේ ලේ රත්වෙනවා.ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වුවත් මේ රටේ දෙගුණයකින් වැඩි කරලා,තෙල් මිල අඩු කිරීමට හැකියාව තිබිය දී ලබාදුන්නේ නෑ.පසුගිය කාලයේ අසාධාරණ මිලක් තෙල්වලට තිබූ නිසා භාණ්ඩ මිල ඉහළ ගියා.

     

    ඉන්ධන මිලදී ගැනීම, බෙදා හැරීම, බලතෙල් ගෙන්වීම,බාල නළ ගැන අහන්න ලැබෙන්නේ නෑ. යහපාලනය නිසා මේ විවේචනය අහන්න ලැබෙන්නේ නෑ. දැන් අපේ රටේ ජනතාවට කිසිම බියක් සැකක් නැතිව ඉන්ධන ලබා ගැනීමට හැකි වී තිබෙනවා.

     

    බාල පෙට්ට්‍රල් නිසා වාහන අක්‍රිය වුණා.ඒ නිසා කෝටි ගණනක් පාඩු වුණා.අපි දින සියයට ඇතුළත් පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 35කින් අඩු කළා. අද කිසිදු චෝදනාවක් නැතිව ඛණිජ තෙල් සංස්ථාව කටයුතු කරනවා. අද බාල තෙල්, බාල නළ ගැන අහන්න ලැබෙන්නේ නෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya