මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි

    දෙසැම්බර් 12, 2015

    පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් එය අපේ විදුලි පද්ධතියට ලබාගැනීමට වැඩි අවධානයක් ද යොමු කළ යුතු බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.



    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (12) පාර්ලිමේන්තුවේ දී  ,විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ඛණිජ
    තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වැයශීර්ෂය විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසී ය.

     

    දීර්ග කාලීන ජනන සැළැස්මකට පුනරීක්ෂණය කිරීමේ කටයුතුවල යෙදී සිටිනවා.පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ රාජ්‍ය අංශය
    පිළිගන්නවා. ඉදිරියේ සියල්ල සිදුවන්නේ ටෙන්ඩර් කැදවීම මතයි සිදු වන්නේ. අත යට කිසිවක් සිදුවන්නේ නෑ. විනිවිධභාවයෙන් මෙම පුනර්ජනනීය බලශක්තිය විකිණීම කරන්නේ.

     


    අවුරුදු විස්සක් ගැන සිතා දීර්ග කාලීන විදුලි පද්ධතියක් ශක්තිමත් කිරීමට අවධානය යොමු කර තිබෙනවා.අපි සැළසුම් කරන්නේ ඉදිරි
    වසර 20ටයි.පුනර්ජනනීය බලශක්තියෙන් උපරිම ලබලබාගත හැකිද කියා බලනවා. දැනට දියුණු හා අනගතයේ දී සිදුවන දියුණුව ගැන
    සළකා දිගු කාලීන සැළැස්මක් යටතේ කටයුතු කිරීම වැදගත්.ඒ නිසා අප පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි
    යැයි ද නියෝජ්‍ය අමත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya